අවසානයද වැදගත් ආරම්භයද ?
ඕනම අසුන්දර අවස්ථාවක් සුන්දර අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒ තමයි ජාතියක ජයග්‍රහනය. බිමට සමතලා වෙච්ච ජපානය 1950 වෙනකොට ආසියාවේ දියුණුම රට බවට පත් උනේ දෙවන ලෝක සංග්‍රාමයේ ජනමාධ්‍ය විසින් උළුප්පා පෙන්වන ලද ඇමරිකාවට කොකා පෙන්නමින්.
ආක්‍රමන දහස් ගනනකින් ඒකීයත්වය රැකගත් මේ අභිමානවත් දිවයින ලෝකයේ ඉහලින්ම ඔසවා තබන්නට අපේ රටේ රජවරුන් ක්‍රියා කලාක් මෙන් නැවතත් අප රට බිංදුවෙන් පටන් ගැනීමට අවස්ථාවක් උදාවී ඇත. කිසිවක් නිශ්පාදනය නොකරන ජාතියක් ලෙස 1978 සිට ආපස්සට ගමන් කරන ලද රටට නැවතත් කොරෝනා වසංගතය හුස්ම පිඹිනවා දකින්නට ඇත.
කොපමණ මුදල් තිබුනත් මරනයෙන් ගැලවීමට නොහැකිවූ මිනිසුන් දහස් ගනනක් ජීවිත අතහැර යද්දී මුදල් වලට තිබුන වටිනාකමට මොකද උනේ. එහෙනම් අපි අපේකම ගැන හිතමු. අපි ස්වයංව ගොඩ නැගෙමු. ලෝකයට ආදර්ශමත් ජාතියක් ලෙස හිටගමු. මිනිස්කම ආශීර්වාදයක් කරගමු. ලෝකයට ආදර්ශමත්ම මිනිසුන් බිහිකරමු.
ජාතියක් ලෙස රටක් ලෙස නැවත හිස ඔසවන්නට අපට අපූරු හැකියාවක් ඇත. මහ පාරක අලවංගු පාරක් ගසා මංඤොක්කා දන්ඩක් හිටෙව්වත් පැලවෙන මේ පින් බිමේ අපට අවශ්‍ය ඉදිකටුවේ සිට නිශ්පාදනය කරගන්නට කාලය ලෝකය විසින් අපට ලබාදී ඇත.
දැන් අපට නවසීලන්තයෙන් කිරි එවන්නේ නැත, ඕස්ට්‍රේලියාවෙන් කඩල එවන්නේ නැත, කොත්තමල්ලි ඉංදියාවෙන් එවන්නේ නැත, පකිස්තානයෙන් අල එවන්නේ නැත. රතුළුනු බොම්බයි ළුනු එවන්නේ නැත. අපිම අපේ දේ වගාකරගත යුතුයි.
ඉතිං වසරකට රුපියල් කෝටි විසිදාහක් පමණ අපේ රටෙන් විදේශ රටවලට ගලා ගිය මුදල් වලට තිත තියන්න කාලය එලඹ ඇත. අපේ ශ්‍රී විභූතිය නැවත ගොඩ නගමු අපේ කම නැවත ගොඩ නගමු. ඔව් මේ ඒකට වෙලාවයි.
කොස් ගෙඩියට පිහියෙන් අනින්න එපා. දෙල් ගෙඩියට අඹ ගෙඩියට මරාගන්න එපා. අපි කන්න තියන දේ බෙදාගන ජිවත් උන ජාතියක්. ආයෙත් ඒ සංස්කෘතික මිනිසා මේ භූමිය තුල නිර්මාණය කරමු. අපි හැමෝම එක අම්මාගේ දරුවන් ලෙස කටයුතු කරමු.
ජාතියේ ඉදිරිගමනට උර දෙමු. ලක්මාතාව ආදරෙයෙන් බලාගමු..!
කැදවුම්කරු
සිංහාවලෝකණ ව්‍යාපාරය.
සිංහාවලෝකණ ව්‍යාපාරය.






