Friday, April 3, 2020



අවසානයද වැදගත් ආරම්භයද ?


ඕනම අසුන්දර අවස්ථාවක් සුන්දර අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒ තමයි ජාතියක ජයග්‍රහනය. බිමට සමතලා වෙච්ච ජපානය 1950 වෙනකොට ආසියාවේ දියුණුම රට බවට පත් උනේ දෙවන ලෝක සංග්‍රාමයේ ජනමාධ්‍ය විසින් උළුප්පා පෙන්වන ලද ඇමරිකාවට කොකා පෙන්නමින්.
ආක්‍රමන දහස් ගනනකින් ඒකීයත්වය රැකගත් මේ අභිමානවත් දිවයින ලෝකයේ ඉහලින්ම ඔසවා තබන්නට අපේ රටේ රජවරුන් ක්‍රියා කලාක් මෙන් නැවතත් අප රට බිංදුවෙන් පටන් ගැනීමට අවස්ථාවක් උදාවී ඇත. කිසිවක් නිශ්පාදනය නොකරන ජාතියක් ලෙස 1978 සිට ආපස්සට ගමන් කරන ලද රටට නැවතත් කොරෝනා වසංගතය හුස්ම පිඹිනවා දකින්නට ඇත.
කොපමණ මුදල් තිබුනත් මරනයෙන් ගැලවීමට නොහැකිවූ මිනිසුන් දහස් ගනනක් ජීවිත අතහැර යද්දී මුදල් වලට තිබුන වටිනාකමට මොකද උනේ. එහෙනම් අපි අපේකම ගැන හිතමු. අපි ස්වයංව ගොඩ නැගෙමු. ලෝකයට ආදර්ශමත් ජාතියක් ලෙස හිටගමු. මිනිස්කම ආශීර්වාදයක් කරගමු. ලෝකයට ආදර්ශමත්ම මිනිසුන් බිහිකරමු.
ජාතියක් ලෙස රටක් ලෙස නැවත හිස ඔසවන්නට අපට අපූරු හැකියාවක් ඇත. මහ පාරක අලවංගු පාරක් ගසා මංඤොක්කා දන්ඩක් හිටෙව්වත් පැලවෙන මේ පින් බිමේ අපට අවශ්‍ය ඉදිකටුවේ සිට නිශ්පාදනය කරගන්නට කාලය ලෝකය විසින් අපට ලබාදී ඇත.
දැන් අපට නවසීලන්තයෙන් කිරි එවන්නේ නැත, ඕස්ට්‍රේලියාවෙන් කඩල එවන්නේ නැත, කොත්තමල්ලි ඉංදියාවෙන් එවන්නේ නැත, පකිස්තානයෙන් අල එවන්නේ නැත. රතුළුනු බොම්බයි ළුනු එවන්නේ නැත. අපිම අපේ දේ වගාකරගත යුතුයි.
ඉතිං වසරකට රුපියල් කෝටි විසිදාහක් පමණ අපේ රටෙන් විදේශ රටවලට ගලා ගිය මුදල් වලට තිත තියන්න කාලය එලඹ ඇත. අපේ ශ්‍රී විභූතිය නැවත ගොඩ නගමු අපේ කම නැවත ගොඩ නගමු. ඔව් මේ ඒකට වෙලාවයි.
කොස් ගෙඩියට පිහියෙන් අනින්න එපා. දෙල් ගෙඩියට අඹ ගෙඩියට මරාගන්න එපා. අපි කන්න තියන දේ බෙදාගන ජිවත් උන ජාතියක්. ආයෙත් ඒ සංස්කෘතික මිනිසා මේ භූමිය තුල නිර්මාණය කරමු. අපි හැමෝම එක අම්මාගේ දරුවන් ලෙස කටයුතු කරමු.
ජාතියේ ඉදිරිගමනට උර දෙමු. ලක්මාතාව ආදරෙයෙන් බලාගමු..!

කැදවුම්කරු
සිංහාවලෝකණ ව්‍යාපාරය.



Thursday, March 26, 2020

බියෙන් සැකෙන් තොර අනාගතයක් උදෙසා

ලියමු අපේ ඉතිහාසය නැවත වරක්..

වසර දහස් ගනනක් තිස්සේ ශ්‍රේෂ්ඨ රජවරුන් සියගනනකගේ දූරදර්ශී නායකත්වයෙන් ඔපවත් උන ශ්‍රී ලංකා භූමිය නැවත වරක් ඒ අතීත ශ්‍රී විභූතියට ගෙන යන්නට අප සූදානම් විය යුතුව ඇත.
ඉතිහාසය නැවත ලියන්නට කාලය එලඹ ඇත. අභිමානවත් තම්බපන්නියක් ලෝකයට ණය නැති ජාතියක් බවට පත් වන්නට, අනුනට අත නොපා ජිවත්වූ උදාර  ජාතිය නැවතත් මේ භූමියේ සපත කරන්නට කාලය එලඹ ඇත.
අපි අපෙන් පටන් ගමු, කව්ද, කුමක්ද, කොහොමද සොයනවාට වඩා අලුතෙන් සිතන්නට පටන්ගමු.
සොබාදහමේ මාතාව අපට දෙන පණිවිඩය එයයි. සොබාදහමේ මාතාවට අවනත වෙමු.
පරිසරය සුරකිමින් පරිසරයට ආදරය කරමින් පියවරෙන් පියවට ඉදිරියට යමු.
අපිට තියන අභියෝග හදුනාගමු, අභියෝග ජයගන්නට කටයුතු කරමු.

තම්බපන්නිය රැකගමු.

සිංහාවලෝකන ව්‍යාපාරයේ පණිවිඩයක්.

කැදවුම්කරු සිංහාවලෝකන ව්‍යාපාරය.



Saturday, July 14, 2018

ආදරය

මිනිස්සු බැදුනේ ආදරයෙන්.

ඒකට වටිනාකමක් තිබුනා. ඒත් කාලයත් එක්ක ආදරය වෙනස් උනා. එතකොට ගැහැනිය සමාජයේ අතරමං උනා. ආදරය කියන දේ විස්වාස නැති නිසාත් ගැහැනිය ආරක්ශා කරන්න ඕන  නිසාත් නීතියානුකූල භාවයක් දෙනවා කසාදය කියලා.
හැබැයි එහෙමයි කියලා දරුවා කාගෙද කියලා දන්නේ අම්මා විතරයි.
ලිඛිත ලියවිල්ලක් කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා හිතන්නේ නැත්තේ ඇයි මේ මිනිස්සු. තන්හාව නිසා නේද ? ආසාව, අයිතිය නිසා නේද.
                         *** ලලිත ජයවීර ***


Tuesday, July 10, 2018

හිතන්න කාලයක් නෑ..

අද අපි රටක් හැටියට දුක් වෙන්න ඕන අපි හොදයි කියලා හිතපු නායකයෝ අපිව රවට්ටපු එක ගැන. අපේ හෙට දවස විනාස කරපු පාලකයෝ තාමත් අපිව රවට්ටනවා කියලා අපිට තේරුම් ගන්න බෑ. ඒ ඇයි බොරුව ඇත්ත වගේ අපුරුවට රඟපානවා. ඔස්කාර් සම්මාන දෙන්න ඕන නලුවන්ට නෙමෙයි අපේ රටේ දේශපාලකයන්ට.

බලන් හිටියා ඇති මේ බොරු කාරයෝ දිහා. තවත් උන්ගේ කරමත අපේ ජීවිත තියලා උන් අපේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ඕන. උන් උන්ට ඕන නිදහස ආරක්ශාව හදාගෙන ඉවරයි. ඒත් උන් තාම අපිව රවට්ටන එක නවත්තලා නෑ. අපි තාම රැවටෙන එක නවත්තලත් නෑ. මේක අපූරුවට මාරුවෙන් මාරුවට හැත්තෑවසරක් පුරාවටම කරගෙන ගිහින් තියනවා. අපිට නොදැනීම. තවත් කාලයක් ගන්න බෑ. අපිට රටක් නැති වෙනවා බුද්ධිමත් නොවුනොත් ජනතාව.

ජන මනස ගොඩනගන්න ඕන වෙන්න යන අනතුර පෙන්නලා. තමන්ට වරදිනකල් අනතුරක් නොදකින මිනිස්සු ඉන්න සමාජයක් පාලකයෝ නිර්මාණය කරලා. තමන්ට අනතුරක් උනත් ඒක අපේ කරුමය කියලා හිත හදන්න සැදි පැහැදී ඉන්න කොට්ඨාශයක් වෙනම  ඉන්නවා එයාලා අර පාලකයන්ගේ උවමනාව අපූරුවට ඉටු කරනවා. ආගම හරහා.

ඒ අතරේ අපේ අපේ අභිමානය ගැන කතා කරන තවරාගත්ත දේශහිතෛශී පුද්ගලයෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඔවුන් දැන් හිතාගෙන ඉන්නවා රට ආරක්ශිතයි කියලා. එයාලාගේ ජීවිත කාලේ අත්දකින්න නොලැබුන අත්දැකිම් සම්බාරයක් ජිවත් වෙන මිනිස්සුන්ට ඉතුරු කරලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කාලකන්නී කරලා යන උන් නිසා මේ භූමිය කැලිවලට කැඩිලා යන දිනය වැඩි ඈතක නැති බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.

ඔවුන් මේ විනාස කරන්නේ ඔවුන්ගේම දරුවන්ගේ හෙට දවස කියන එක ඔවුන් තේරුම් ගන්න කොට ඔවුන්ට රටක් ඉතුරු වෙන එකක් නැ.

=== ලලිත ජයවීර ====


Monday, July 9, 2018

සිංහයෙක් හිවලුන්ට සම කරන මිනිස්සු ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි.

කපටිකම, බොරුව, නොහැකියාව, රැවැට්ටීම,  දිය යටින් ගින්දර ගෙනියැම, විරසකයන් නිර්මාණය කිරිම  විනෝදාංශය කරගත් අපේ පාලකයන් ඉතා සතුටෙන් තම කාර්‍යභාරය ඉටුකරමින් සිටි.

රට සංවර්ධනය වන බව විස්වාස කරමින් ජනතාවද සතුටෙන් කාලය ගෙවමින් සිටි. දිනෙන් දින උග්‍රවුන ජිවත් විමේ සටනට සැලසුම් සහගතව මුහුන දුන් අපේ රටේ ජනතාව එදාවේල දක්වා අරන් ඒමට තරම් පලකයන් සුක්ශම විය. ඒත් ජනතාව සහ සංඝ්‍යා වහන්සේලා තෘප්තිමත්. පිරිත් නූල් බදිමින් පාලකයන්ට ආශිර්වාද කරමින් සිටි.

මහ බැංකුව අගමැති ප්‍රමුක ඇමති මංත්‍රිලා 118 දෙනෙක් එකතුව සුද්ධ කරද්දී ජනතාව සහ සංග්‍යා වහන්සේලා තෘප්තිමත්, ජනතාව හුරේ දමද්දී සංග්‍යා වහන්සේලා පිරිත් නූල් බදිමින් පාලකයන්‍ට ආශිර්වාද කිරිම දෛනික රාජකාරිය බවට පත්ව ඇත.

රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තබද්දී ඒක සාධාරනී කරනය කරන්නට සංඝ්‍යා වහන්සේලා පිරිත් නුල් බදිමින් ආශීර්වාද කරපු ආකාරය අපට අමතකද.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අරගල කර ඉල්ලිම් දිනාගනිද්දී පොලිසිය ඒවාට පහර දෙනවිට ජනතාව ඇස් කණ් වසා සිටීමට තරම් දීන ජාතියක් බවට පත්කර ඇත.

රටේ බඩු මිල අහස උසට යද්දී විරුද්ධ  දේශපාලනය විවේචනය කරත් තමන් චන්දය දීපු පක්ශය විවේචනය නොකිරිමට තරම් ඉවසීමට දත් ජනතාව නිහඩව සිටින්නේ දීන බව නිසාද නැතහොත් කරන්නට කිසිවක් නැති නිසාද.

නීතිය අමු අමුවේ උල්ලංගනය වෙද්දී. මිනිසුන් තිරිසනුන් මෙන් මහ මග මරද්දී ජනතාව ඇස් කණ් වසා සිටින තත්වයකට පත්ව ඇත. පියා ඉදිරිපිට දියණිය ඇදුම් ගලවා දුශනයට ලක් වෙද්දි සමස්ත සමාජයම නිහඩ නම් කමක් නෑ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි එයාලා විසදගනී කියා හිතනවා නම් අපි මේ ආඩම්බරයෙන් කතා කරන අපේ විභූතිය ද මේ.

වසර දහස් ගනනක සිට අසල්වැසියාට කරදරයක් වූවිට මුලින්ම දිව ගිය අසල්වැසි නිවසියා අද තම නිවසේ විදුලි බුබුලු නිවා හොරෙන් අසැල්වැසි නිවසේ සිදුවන්නේ කුමක් දැයි නිරිකශනය කරන සමාජයක් නම් අපි ඉදිරිපිට හදාගෙන තිබෙන්නේ අපි දියුණු මිනිස්සුන්ද. විමසන්න ඔබ ඔබගෙන්ම. ඇයි අපට මෙහෙම උනේ.

වසර දහස් ගනනක සංස්කෘතිකමය බැදිම් වසර හැත්තෑවකින් විනාශ කරන ලද පාලනයට අපි නැවතිමේ තිත තියන්න ඕන නැද්ද. උදේට කාලා දවල්ට කන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටපු පාලකයෝ අද ලංකාව මුදලට ගන්න තරම් ධනවත් වූ ආකාරය හොයන්න ඕන නැද්ද.

මේ දේශපාලන ක්‍රමය නිසා මේ රටේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය විනාශ කරන්නේ මේ පාලකයෝම කියලා හිතෙන්නේ නැද්ද. අපි මේ මහා ලෝක ශිෂ්ඨාචාරය ආරක්ශා කරන්න ඕන නැද්ද. ලෝකේ හොයන් ගියපු ඒ දේශ ගවේශකයන්ගේ ගෞරවයට පාත්‍ර උන මේ රට, රස්තියාදු කාරයෝ ටිකක් කොල්ල කන්න හදනවා කියලා පෙනෙන්නේ නැද්ද. මේ ශිෂ්ඨාචාරය නැවත ගොඩනගන්න ඕන කියලා නොහිතෙන්නේ ඇයි ද කියලා කල්පනා කරලා බලන්න හිතෙන්නේ නැද්ද. අන්න ඒ ශිෂ්ඨාචාරය නැවත ගොඩනගන්න කලයුත්තේ මොනවද කියලා කල්පනා කරන්න බැරිද.

අපි ලෝකෙට ණය තිබුන ජාතියක් නොවන බව 1948 සුද්දා මේ රටින් යනකොට දීලා ගියපු සහතිකයක්. ඒත් අද ලෝකේ  වැඩිම ණය බර සහිත රටවල් කීපයෙන් එකක්. මේ පාලකයෝ ආඩම්බරයෙන් හැදුවා කියන්නේ අපිව ලෝකෙට ණය කාරයෝ කරපු එකද.

අපිට මේ රටහදන්න තියන පලමු ක්‍රමය සහ එකම ක්‍රමය තමයි මේ පක්ශ වලට කැඩිලා එකාට එකා මරාගන්න මිනිස්සු එකට එකතු වෙන එක. හොදම උදාහරණය තමයි දෙවන ලෝක යුද්ධයේදි සම්පුර්නයෙන්ම විනාස කරන ලද යුදෙව්වන්.

1948 මැයි 14 වෙනිදා සියලුම ප්‍රශ්න අතහැර එක අරමුණක් වෙනුවෙන් ඔවුන් එකට එකතු විම. ඔවුන්ට නිවහනක් තිබුනේ නෑ එදා. ඒත් ඔවුන් එක අරමුනක් වෙනුවෙන් එකට පෙනී සිටියා. අපිට අපේ හෙවන තියනවා ඉතිහාසයක් තියනවා. ලෝකේ කාටවත් නැති. ලෝකයේ හොදම භාශාවට හිමිකම් කියනවා. අපි එකතු වෙන්න ඕන පක්ශ ක්‍රමය අතඇරලා රට වෙනුවෙන්.

දැන් අපිට රටට පෙර පක්ශය. කෝකද තොරගන්නේ. බෙදිලා ගිහින් විනාස වෙනවද. එකමුතුවෙලා මුලු ලොකයම ඉස්සරහ අභිමානවත් ජාතියක් ලෙස නැගී හිටිනවාද.

හිතන්න වරක් දෙවරක් නොව දහස් වාරයක් අභිමානවත් පුරවැසියෙක් ලෙස. ඔබයි ඒ රටේ ගෞරවනීය පුරවැසියා. ආදරනීය ජාතියක නායකයා.
                          *** ලලිත ජයවීර ***

Sunday, July 8, 2018


අපි බලමු වෙනස් ඇසකින්.

අපි ඔසරියක් අදන් ඉන්න ගැහැනිය දිහා බලනවා. එතනදි අපි නරක කිසිවක් දකින්නේ නැ. හැබැයි අපි බලනවා ඇයගේ පපු පෙදෙස. නිතඹ ඉන්පසු අපි සිතින් උපකල්පනයන් තුලින් ඇයව විනිවිද දකින්න උත්සාහ කරනවා. ඇත්තටම ගැහැනියකගේ ලස්සන තියෙන්නේ කොහෙද. උපකල්පනය කරගන්න ගැහැනියකගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය. ඔබට මොනවද හිතෙන්නේ. ඒකටද අපි ආදරය කරන්නේ. නමුත් අපේ සියලු ගනු දෙනු තිබෙන්නේ මුහුන සමග නේද. අපි බලන්නේ වැරදි මානයකින් කියලා ඔබට නොහැගේද. මෙතන හංගන්න දෙයකුත් නෑ පෙන්නන්න දෙයකුත් නෑ. මේක නේද සත්‍යය...

                         *** ලලිත් ජයවීර ***

කෝ අපේ අනන්‍යතාවය.

ඉතිහාසයේ සිටි රජවරු අපේ මාතෘ භුමිය ආරක්ශා කිරිම සදහා දිවිහිමියෙන් කැප වූයේ අනාගත දැක්මකින් යුතුවය. ඒ සදහා ඔවුන් අනාගත දැක්මකින් කටයුතු කර ඇත. ඒ අනුව ඔවුන්,

1) සිංහල බෞද්ධ රාජ්‍යය වෙනත් ආක්‍රමනවලින් ආරක්ශා කිරිම.
2) දේශිය කෘෂිකර්මාන්තය ආරක්ශා කිරිම සදහා කෘශිකාර්මික ජනපද පිහිටවීම.
3) බෞද්ධ පුනරුදය වෙනුවෙන් කටයුතු කිරම.
4) පරිසරය ආරක්ශා කිරිම.

වැනි අරමුනු සමග බද්ධ වී කටයුතු කර ඇත. ඒ නිරන්තරයෙන්ම අනාගතය ගැන තිබු විශ්වාසය නිසාය.

අපේ රට එක්සේසත් කල රාජ්‍ය පාලකයන් අතර ඉතා විශිශ්ඨ රාජ්‍ය පාලකයන් සිටි බවද, රජවරුන්ගේ රාජ්‍ය පාලන කාලය තුල රට ස්වාධීන රාජ්‍යයක් ලෙසද ස්වයං පොශිත රාජ්‍යයක් ලෙසද විරාජමාන විම අප රට ලැබු ජයග්‍රනයන්ය. විවිධ ආක්‍රමන සහ යුද්ධයන් ගෙන් අනතුරුව අප රට ලෝකයේ ඉතාදියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියු බවට සාක්ශි ඇත. එලාර දුටුගැමුණු යුද්ධයෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා එලාර රජුට සියලු ගෞරව දක්වා ඔහු වෙනුවෙන් සොහොනක්ද කරවා ඔහු දමිල ජාතිය වෙනුවෙන් කරනලද සේවයට ගෞරවය දක්වන්නේ සිංහලයා අනික් ජාතින්ට දක්වන ගෞරවය ප්‍රකාශ කරන්නටය. එහි තිබු වැදගත්ම කාරනය වන්නේ ඔහු සියලු ජාතින්ට ගෞරව කිරිමයි. ඔහු මුලු රටටම නායකයා වී සියලු ජාතින්ගේ ආරක්ශාව වෙනුවෙන් කැපවී සිටිමයි.

ඔවුන්ගේ දේශපාලන භාවිතාවන් තුල ඔවුන් ඉතාම දක්ශ රාජ්‍ය පාලකයන් වු බව ඔප්පු කර ඇත. ඉතාමත් සැලසුම් සහගත රාජ්‍ය පාලකයන් වශයෙන් බෞද්ධ දර්ශනය ආරක්ශා කරමින් රට වෙනුවෙන් කරන ලද අනුපමේය සේවය අදටද අපට ලෝකය ඉදිරියේ දනින් නොවැටී සිටින්නට තරම් අනාගත දැක්මකින් සමන්විතව තිබි ඇත.

අනුන්ට අත නොපා ජිවත් වීමට තරම් ජනතාවගේ අභිමානය වෙනුවෙන් කැපවුන නායකයන් අප භුමියට පහල වුවාදැයි වර්තමානය දෙස බැලිමේදි සැකයක් මතුවනු ඇත. අභිමානයට කාරනය නම් විවිධ ජාතින්ගේ සංකලනයක් නොව සිංහල ජාතියේ ප්‍රෞඩත්වය වෙනුවෙන් බිහිවු සිංහල ලෙයින් උපන් නායකයන් ලෙස ඔවුන්ගේ දේශපාලන භාවිතාවන් තුල වංචාව දුශනය පිටුදැක මහා ධනස්කන්දයන් අනාගතය වෙනුවෙන් ඉතුරු කර නිධන් වදුල වැනි වටිනා කෘතින් හරහා ඒවා අනාගත රාජ්‍ය පාලනයට නිදහස් කරන ලද බව අපට දකින්නට හැක.

අතිත රාජ්‍ය පාලකයන්ට අප දෙස ආඩම්බරයෙන් බලන්නට හැකි පසුබිම අප සකස් කල යුතුය, නැතිනම් ඔවුන් අපට සාප කරනු ඇත. අපිට වගකිමක් ඇත. අපි ඒ වෙනුවෙන් එකතු විය යුතුය. අපි අනාගත දරුවන්ගේ සුරක්ශිතභාවය සුරැකිය යුතුය. ඔවුන්ගේ රට ආරක්ශා කල යුතුය. නැතහොත් ඔවුන්ද අපට සාප කරනු ඇත. මේ අපේ මාතෘභුමියයි එය රැක ගැනිම අපේ වගකීමයි. මේ සදහා අප එක එක්කෙනා එකතු විය යුතුය. අපි අපේ අනන්‍යතාවය රැකිය යුතුය.

වර්තමානයේද අප රාජ්‍ය පාලකයන් ගේ භාවිතාවන් අත් විදිමින් සිටි. මෙය සිංහල
බෞද්ධ රාජ්‍යය කියා කියන්නට ඔවුන්ට නොහැකිය. ඒ ඔවුන්ගේ භාවිතාව තුල ඔවුන් අන්‍ය ජාතින් හා සම්බන්ධ වී ජනතාව රවට්ටමින් සිටින නිසාය. ඔවුන් ඔවුන්ගේ භාවිතාවන් සියල්ල තුලින් සමජය අපුරුවට රවට්ටන ආකාරය මැනවින් තහවුරු වී ඇත. තවදුරටත් ඔවුන්ට සමාජය රැවැටිමට ඉඩ නොදි සත්‍ය යතාර්තයන් සමාජගත කල යුතුය. සියලු ජාතින්ට එකට ජිවත් විමට හැකි රටක් මේ සමාජය තුල ගොඩනගන්නට නම් සිංහල බෞද්ධ පදනමකින් යුතු නායකයකු මේ රටතුල බිහිවිය යුතුය. ඒ සදහා කෙවල් කරනා චන්ද පදනම මත නොසිට සිංහල චන්දදායකයා එක මිටකට එකතුකල යුතුය. එය වසර දහස් ගනනක විභුතිය ආරක්ශා කරගත හැකි එකම ක්‍රමයයි.

අප බෙදෙන තාක් එහි වාසිය අපට අහිමි වනු ඇත. මේ වෙනුවෙන් මේ හෙල බිමට ආදරය කරන සියලුම මිනිස් ප්‍රජාවටම ආරාධනය කරමු. විනොදය පසෙකලා මේ වෙනුවෙන් පෙලගැසෙමු.

                                                       =========== ලලිත ජයවීර ============

අවසානයද වැදගත් ආරම්භයද ? ඕනම අසුන්දර අවස්ථාවක් සුන්දර අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒ තමයි ජාතියක ජයග්‍රහනය. බිමට සමතලා වෙච...